මගේ ජීවිතේ හරියට පුස් කේක් ගෙඩියක් වගේ..මෙලෝ රහක් නෑ. එත් මම හැමෝටම නොපෙනෙන්න ලස්සන අයිසින් ටිකක් දාගෙන ඉන්නවා.. හැමෝම හිතනව මන් රසවත් කියල.ඒත් මාත් එක්ක ඉන්න මගෙ ජීවිතේ ළං උන අය දන්නවා මගේ ජීවිතේත් අර පුස් කේක් ගෙඩිය වගේම කොච්චර අමිහිරිද කියලා.
මගේ ජීවිත කතාව කෙනෙකුට රසාස්වාදයක් වෙන්නෙ නෑ. ඒත් මම එය රසාස්වාදයක් බවට පත් කරනවා..
ආදරය.. කාටත් වැරදුන තැනක්.. මට හම්බානෙක වැරදුන තැනක්.. අදටත් මම දිනුවා කියල හිතනවනන් කෝ මගෙ සතුටක්.. හරි හැටි හිනාවක්.. මේ වෙස් මූණට යටින් කවදාවත් එඹිකම් කරල තියෙනවද.?
හැමකෙනාටම කතාවක් තියෙනවා.. නැති අයත් බයවෙන්නත් දුක් වෙන්නත් එපා.. ඒත් දැන්ම ජීවිතේ ගැන මීට වඩා බැරෑරුම් වෙන්න.. මට මගේ ජීව්තේ බැරෑරුම් උනේ මගෙ අම්ම රෝගාතුර වුන නිසා.. මගෙ ජීව්තේ අපායක් මන් විඳවල තියෙනවා.. අම්ම නිසා මන් ඒක වින්ඳා.. කඳුලු හංගන්..
ඒ කතාව අපි පැත්තකින් තියමු. මන් මෙතනට එන්නන්.. අයෙත් ආදරේ.. හරිම සුන්දර කාලයක්.. ඉස්කෝලේ.. දිග කලිසමත් ගහුවම මම අයියෙක්.. පර්ස් එකේ සල්ලිත් තියෙනවා. ඒත් ස්ටෑන්ඩ් එකේ.. පොඩි උන්ට එන්න කියල බයිට් කරල රුපියල් 5ක් 10ක් ඉල්ලගත්ත හැටි මතක් වෙනකොටත් හිනා වෙන්න පුලුවන් අතීතයක් තිබ්බ..
මේ කාලෙම හුට පට ගොඩක් ඇදුනා.. ඇස් හරවන හැමපැත්තෙන්ම තෝරාගැනීමක් කරන්න උනා.. මන් තෝරගත්ත, මටත් හොරා.. ඒක මට අවුරුදු 8ක් වෙලත් තාම දැනෙනවා. කතාව සරලයි.
හැමදාමත් වගේ ගැහැණු යාලුවෙක්,එයාගෙ යාළුවාට මන් ආදරේ කරා,ඒත් එයා පෞද්ගලික කැම්පස් අයියා කෙනෙක්ගේ හදවතේ හිටියා. ගොඩාක් කල් ගෙවුනා.. ගොඩාක් දෙවල් සිද්ද උනා.. අම්මගෙ තත්වෙත් එන්න එන්නම උත්සන්න උනා.. කුමාරිකාවක් වගෙ තියපු මගෙ අම්ම ලග මන් හිනාවෙලා හිටියා. ඉගෙනගත්තා. හිනැස්සුවා මිනිස්සු. ඒත් මගේ හිනාවට.? එතනයි මන් වැටුනේ. මගේ ජීවිතේ.. තේරුමක් දෙන්න.
දෙවියන්ගෙන් ඉල්ලපු වාර අනන්තයි. කාලෙත් ගෙව්නා. කෙටි කාලීන සම්බන්ධකම් තිබුනා. ඒත් ඒවා වයසත් එක්ක මෝරපු සොඳුරු මතකයක් වෙන්න උනා.. අදටත් එහෙම අය මාත් එක්ක හිනාවෙලා කතා කරල යනවා.. හැමෝම මෙහෙම තත්වෙන් තරහ උනත් මට හැකියාවක් තිබුනා.. එත් ඒ මට කරපු අනුකම්පාවක්ද.? එතනත් ප්රශ්නයක්. මගේ ජීව්ත කතාව පිටින් බැලුවම ඉසුරු මේ වගේම සුන්දරනන් මන් මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙනා වෙන්න ඇති. එත් යාළුවේ මගෙ ජීව්ත කතාව අකුරුවලට හරවන්න බැරි තරම්... රහස් , දුක, සතුට, බලාපොරොත්තු පොදි බැදන් ඉන්න නඩත්තු මට්ටමේ හදවතක් ගැන කොහොම තේරුම් කරන්නද.?
මගේ තාත්තා.. හැමෝම කියනවා මන් වගේලු.. එත් මම මගේ තාත්ත වගේ උනාට ඔහු කරපු වැඩ වලින් අංශුමාත්රයක් වත් කරල නැතුව ඇති.මගේ තාත්ත දුක් විඳපු කෙනෙක්...අම්මා ඔහුගේ පලමු සහ අන්තිම ආදරය.. ඇය වෙනුවෙන් සටන් කරන විදිහ..මට ආඩම්බරෙන් බලන් ඉන්න පුලුවන් උනා. එත් මගෙ තාත්තට මොනව හරි උනොත්.. මෙන්න මෙතනයි මගේ ජීවිතේ වෙනස් උන තැන.ඔහු දන්නවා මගේ ජීවිතය ගැන මගෙ නිහඬ බවින්, වචන වලින්.. එත් මම කොච්චර මගෙ තත්තට මගෙ දේවල් හංගල ඇත්ද...
මමත් තත්තත් එක්ක යුද්දෙකට සහභාගී උනා. මමත් බැංකු මහත්තයෙක්.. අදටත් මගෙ අම්මගේ බෙහෙත් වල මගෙ දාඩිය මහන්සිය තියෙනවා. එහෙම දේවල් කරත් මම මගේ වයසේ අයටත් වඩා ඉදිරියෙන් හැමදේම දැනගෙන හිටියා..
.
කතා නායකයා, ඉසුරු මාව දැකපු විදිහට මන් ගැන හිතුවා, වචන වලට පෙරළුවා.. එත් කතා නායිකාව... ප්රශ්නයක්.. ඇය වෙන කෙනෙකු සමඟ විවාහ ගිවිසගත් කෙනෙක්. ආදරේ අහන්න තරන් මම පොහොසත් කෙනෙක් නොවෙයි. ඒත් ඒ අහිංසකාවි මට ආදරේ කරා.. ඒත් කාලේ හැමදේම වෙනස් කරා.. අදටත් එය මාත් එක්ක ඉන්නවා.. ඒත් කියවන පාඨකය මතක තබාගන්න.මගේ ප්රථම ආදරය ඈ ඉදිරියෙන් එහේ මෙහේ ගියත්.. මගේ ආදරය තාමත් නිහඬයි. පරාදයි. මෙතන මගේ ජීවිතයේ එක පැතිකඩක් සුළුවට විවරනය කරත්. කෙනෙකුගේ ජීව්ත කතාව අයිතිකරුටත් පැටලැවිල්ලකි.. ඔඹට සුභ.!

No comments:
Post a Comment