Friday, September 28, 2012

ජීවිතය ගැන ඔයා කලකිරිලද.??

පලවෙනි දේ සමාජ ජාල ඇතුලේ ජීවිතය සාමන්‍ය ජීවිතයත් එක්ක පටලවගන්න එපා.කොටින්ම ෆේස් බුක්! ලංකාවේ මිනිස්සු පලු පැලෙන්න බැන බැන ඒත් හැමදාම ලොග් වෙන සමාජ ජාල අඩවියක්! අපි ෆේස් බුක් ඇතුලේ යාලුවෝ එකතු කරගන්න යාලුවෝ වෙන ක්‍රම ගොඩක් තියෙනව. ඒවා හොඳ පැත්තට විතරක් තියාගන්න.අපි ෆේස් බුක් ඇතුලේ යාලුවෝ උනේ බ්ලොග් හින්දා වෙන්න පුලුවන්, අපේ දේශපාලනික දැක්ම අනුව වෙන්නත් පුලුවන්, අපි ජීවත් වෙන පැති, අපි එක තැනක ඉගෙන ගත්තු නිසා, අපි ලංකාවේ නිසා, අපිට කවි ලියන්න පුලුවන් නිසා, අපිට ඉගෙන ගන්න පුලුවන් නිසා, අපිට පින්තූර ගන්න පුලුවන් නිසා, අපි සෙට් එක රොක් මියුසික් අහන නිසා, අපි රගර් ගහන නිසා, අපි ක්‍රිකට් ගහන නිසා, අපි ෆිල්ම් බලන නිසා මේ ඕනම හේතුවක් වෙන්න පුලුවන්.ඒත් අපි හතුරෝ විදිහට වෙන් වෙන්න මේ දේවල් කවදාවත් පාවිච්චි කරන්නෑපා.මම මහින්ද රාජපක්ෂගේය..., මම රනිල් වික්‍රමසිංහගේය, මම නාලන්දේය උඹ රෝයල්ය, උඹ දෙමලෙක් උනාට මම හොඳ සිංහල යි කියන හේතු හිතේ තියෙනවනං ඒවා මරලා දාන්න.මේක ලියන්න උනේ ඊයේ මගේ ස්ටේටස් එහෙක වෙච්ච බැන ගැනීමක් නිසා.මගේ ස්ටේටස් ඇතුලේ ඕන තරං මගේ යාලුවෝ මට බනිනවා.මමත් උන්ට බනිනවා.ඒවා එච්චරයි මූනට මුනගැහුනම හෝ ආපහු චැට් එහෙක සෙට් උනාම ඒ ඔක්කොම ඉවරයි කියලා අපි අපිම දන්නවා.අපි හැමෝම ආත්මාර්ථකාමී මිනිස්සු! ඒ නිසා අපි වෙනුවෙන් අපි ඉන්න ඕන කියන සත්‍ය පිලිගන්න හැමතිස්සෙම.මම මගේ හොඳම යාලුවොන්ට හුත්තිගේ පුතා කියලා බැනලා තියෙනවා.ඒත් ඒ නිමේශයකින් ඒවා අමතකයි.මම සමුගැනීමකදි ඒ යාලුවගෙම අම්මට වඳිනකොට මගේ හිතින්ම ඒ අම්මගෙන් සමාව ඉල්ලනවා.ඒකයි මිනිස්සුන්ගේ හැටි! (මෙතනට කුණුහරුපයක් දැම්මේ ඒක නොදැම්මොත් මේ පෝස්ට් එක අසම්පූර්ණ නිසා.සාධාරණ හේතුවක් ඇතුව.)ආවේග කියන දේවල් ආ වේගයෙන්ම යනවා කියන එක මිනිස්සු දැනගන්න ඕන.

අනිත් කාරණේ යාලුවෝ ආශ්‍රය කරද්දි.පලවෙනි කාරණේ තමුන්ගේ ඇත්ත ජීවිතේ තමුන් එක්ක එකට ඉන්න යාලුවෝ විශ්වාස කරන්න.සයිබරයේ මිතුරුකමුත් ඒ තත්වෙට පෙරලගන්න.ඒ මිතුරන්ගේ තත්වෙට ගන්න ඕන සයිබර් මිතුරුකම් තෝරාගන්න.මිතුරුකම ගොඩනැගිච්ච විදිහ බල්ලට දාන්න.මිතුරුකම විතරක් තද කරගන්න.උඩට එන්න ගේමක් දෙන හැම යාලුවෙක්ටම දිරියක් දෙන්න.තමුන් ඒ යාලුවට වඩා පහලින් හිටියත් ඒ උදව්ව ඒ විදිහටම දෙන්න.තමුන්ගේ යාලුවෝ දියුණු වෙනකොට ඒක ගැන මූනට නොකිව්වත් සන්තෝශ වෙන්න.නින්දට කලින් ඒ දේවල් ගැනත් හිතන්න.මටත් ඉන්නවා අනන්ත අප්‍රමාණ හැකියාවන් තියෙන යාලුවෝ.නැෂනල් ටීම් එකට ගහන්න ඉන්න යාලුවෝ, ප්‍රෝග්‍රැමින් හොඳටම පුලුවන් යාලුවෝ, උගන්නන්න පුලුවන් යාලුවෝ, ඉගෙනගන්න පුලුවන් යාලුවෝ, කවි ලියන්න පුලුවන් යාලුවෝ, ලස්සන ෆොටෝ ගන්න පුලුවන් යාලුවෝ මටත් අනන්ත අප්‍රමාණව ඉන්නවා.මම ඇත්තටම ආසයි මගේ ෆොටෝග්‍රැෆි ලෝකේ වීරයා පිට එකෙක් නොවී අංජා වෙනවනං.මම ඇත්තටම ආසයි මගේ මගේ ක්‍රිකට් ලෝකේ වීරයා පිට එකෙක් නොවී ගයියා වෙනවනං.මම ඇත්තටම ආසයි මගේ අයි.ටී ලෝකේ වීරයා පිට එකෙක් නොවී පහනා වෙනවනං. මම ඇත්තටම ආසයි මගේ සාහිත්‍ය ලෝකේ වීරයා පිට එකෙක් නොවී සඳුනා වෙනවනං.හැමතිස්සෙම තමුන්ගේ ලඟ යාලුවෙක්ව තමුන්ගේ රෝල් මොඩ්ල් එක කරගන්න උත්සහ කරන්න.ඒක තමුන්ටත් ඉස්සරහට යන්න හොඳ උත්සහයක් වෙයි.ඉස්සරහට යන්න බැරි උනත් "ඒ මගේ යාලුවෙක්" කියලා ගොත ගහන්නේ නැතුව පිරිසිදු හිතකින් කියන්න පුලුවන් වෙයි.

ජීවිතේට ඔප්ෂන්ස් තියාගන්න.තමුන්ට එක දෙයක් හොඳටම බැරි උනත් ජීවිතේ ගෙනියන්න පුලුවන් විදිහට වෙනින් දෙයක් හරි හොයාගන්න.උදාහරණයක් විදිහට මම කොච්චර අයි.ටී ඉගෙන ගත්තත් මට අයි.ටී දිරවන්නේ නැත්තන් මම දැනගන්න ඕන මට දිරවන පැත්තකට හැරෙන්න.එහෙම හැරෙන එක ලේසි නෑ.ඒ නිසා ජීවිතේ මුල ඉඳන්ම ඔප්ෂන්ස් තියාගන්න.බැරි මරගාතෙන්වත් මොනවා හරි පොඩි පොඩි දේවල් ලියන්න.කෑමක් හදන්න ඉගෙන ගන්න.මහන්න ඉගෙන ගන්න.ෆොටෝ එකක් ගන්න ඉගෙන ගන්න.ග්‍රැෆික් ටිකක් ඉගෙන ගන්න.අඩු තරමින් සින්දුවක් කියන්න, සෙල්ලමක් කරන්න, මැත්ස් පොතක් අරගෙන පොඩි එකෙක්ට අමාරු දේවල් කියාදෙන්න, කැඩිච්ච දෙයක් හදාගන්න පුරුදු වෙන්න.ඒක කවදාහරි තමුන් ජීවිතෙන් දිනවන්න මගපෙන්නයි.

ඒ වගේම කවදාවත්ම දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න එපා.මම දැකලා තියෙනවා සමහරු ෆේස්බුක් එකේ Political View එකට දාන්නේ I Hate Politics කියලා.ඒක හරිම ගොන් කතාවක්.ලංකාවේ දේශපාලනය කොච්චර මඩ ගොහොරුවක් උනත්, ඒක නැතුව සතෙකුටවත් ජීවත් වෙන්න බෑ.කොටින්ම ගෑනියෙක්ටයි මිනිහෙක්ටයි නිදහසේ රමණයේ යෙදෙන්නත් දේශපාලනය බලපානවා.

ආදරය ගැනත් එක වැදගත් පේලියක් කියන්න ඕන. සියයට සීයක විශ්වාසයක් තියෙනවනං විතරක් ආදරය කරන්න.ඒක සියේට අනූ නමයක් වෙච්ච දවසට අතෑරලා දාන්න.මාව විශ්වාස කරන්න ආදරය කරන කෙනා ගැන විශ්වාසය සියේට අනූනමයක් වෙච්ච දවසටත් ඔබ ආදරය කරමින් සිටියොත් එදාට ඔබට හිත නිදහසෙන් නිදාගන්න බෑ!

අනිත් දේ සල්ලි! හැමතිස්සෙම අතට හම්බුවෙන රුපියලක පවා වටිනාකමක් තියන්න.මහ බැංකුව ඇතුලෙන් සල්ලි කොල එලියට එන්නේ මහ බැංකුවෙන් එලියේ මිනිස්සු තොගයක් ඒ වෙනුවෙන් මහන්සි වෙන නිසා.සමහරු මැරෙන්නේ සල්ලි නැති නිසා.නොහොත් දුප්පත් නිසා.ඒ වගේම තවත් සමහරු මැරෙන්නේ සල්ලි වැඩි නිසා.ඇඟ විකුනලා ගත්තත් සල්ලි.බිම තිබිලා ඇහින්දත් සල්ලි.ජීවිතය වගේම සල්ලිත් මැදුම් පිළිවෙතේම ගෙනියන්න.

"අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු" කියලා ආඩම්බර වෙන්න.සතුටු වෙන්න.ඒත් "පර ඉන්දියන්කාරයෝ" කියලා ගහගන්න යන්න එපා.අපි ඇමරිකාවට ජැමෙයිකාවට බනින්නේ නෑ.ඒ උන්ගේ මළල ක්‍රීඩකයෝ තරන් අපේ උන් දක්ෂ නැති නිසා.අපි ජපානෙට බනින්නේ නෑ.ඒ උන්ට තරන් අපේ උන්ට නව නිර්මාණ බැරි නිසා.අපි බ්‍රසීලෙට බනින්නේ නෑ.ඒ උන්ට තරන් හොඳට අපිට ෆුට්බෝල් බැරි නිසා.ඒත් අපි ඕස්ට්‍රේලියාවට බනිනවා.ඒ උන්ට ගේමක් දෙන්න තරන් හොඳ, ඒත් පරාද වෙයි කියලා බය ක්‍රිකට් ටීම් එකක් අපිට ඉන්න නිසා.අපි ෂේන් වෝන්ගේ දැකපු නැති අම්මට බනිනවා.ඒ අපේ මුරලිට ගේමට ඉන්නේ එයා නිසා.ඒකයි ඇත්ත! හුඟ දෙනෙක්ගේ හිත් ඇතුලේ කොන් වල පල් වෙවී තියෙන ඇත්ත.ඔබට උයන්න බැරිනං හැමදාම කඩෙන් ගෙනත් කන්න එපා.එක සතියක් එක දිගට නූඩ්ල්ස් තම්බගෙන කන්න.සතියකින් ඔබට උයන්න ඉගෙනගන්න හිතේවි!

අපි අපි හැමෝගෙම ජීවිතේ රහසින්වත් පවු කරලා ඇති.මමත් මගේ ජීවිතේ අනන්තවත් පව් කරලා තියෙනවා.මම විශ්වාස කරන්නේ නෑ දහස් වාරයක් කැළණි විහාරෙට ගියා කියලා ඒ පව් මැකේවි කියලා.ඒ වගේම මම විශ්වාස කරනවා මැරෙන්න මොහොතකට කලින් හරි ඕනම මිනිහෙක්ට තමුන්ගේ ජීවිතේ තමුන් කරපු හොඳ නොහොඳ මතක් වෙනවා.මම මැරෙන්න මොහොතකට කලින් මගේ ඇස් ඉස්සරහා මැවෙන මම කරපු දරුණුම පව් පහ මම තෝරලා ඉවරයි.මට ඒක ගැන බයකුත් නැතුවම නෙවෙයි.ඒත් මගේ ලොකුම බලාපොරොත්තුව ඉස්සරහට ඊට වඩා ලොකු පව් නොකර ඉන්නත් පුලුවන් තරමක් පිං කරන්නත්.තමුන් පිනක් කරනකොට ඒක තමුන්ගේ හිතට සතුටු හිතෙන පිනක් කරගන්න.ථූපාරාමෙට ආලෝක පූජා කරන්න රුපියල් පන්සීයක් දෙනවට වඩා මම ඇත්තට සතුටු වෙනවා ගොළුමඩම හන්දියේ සපත්තු මහන අන්කල් ට බත් එකක් අරන් දෙන්න පුලුවන්නන්.ඔබත් ආගම ප්‍රශ්නයක් කරගන්න එපා! කොච්චිකඩේ පල්ලියෙදි තමන්ගේ උසට ඉටි පන්දමක් පත්තු කරනවට වඩා තමුන් දන්න දෙයක් කාටහරි උගන්නන්න.අපි මැරුනම අලුත් ජීවිතයක් ලැබෙනවනං ඒ ලැබෙන තෙක් අපි කතාකරන්නේ සිංහලෙන් නොවෙන්න පුලුවන්.මොකද සුද්දොත් මැරෙන නිසා.වගේම මැරුනම කොහෙත් එක නිසා.අපි මැරුනම අපිට තියෙන්නේ සිතුවිල්ලක් විතරක් වෙන්න පුලුවන්.ඒ නිසා ආගම් ප්‍රශ්නයක් කරගන්න එපා.විඳව විඳව ජීවත් නොවී. . . විඳ විඳ ජීවත් වෙන්න.ඔබ ඉස්ලාම් භක්තිකයෙක් නං ඔබ මත් පැන් පානය හෝ ඌරු මස් අනුභවය ගැන දෙගිඩියාවකින් ඉන්නවානං හිතන්න කුකුලත් සතෙක් නොවෙයිද කියලා.ඉස්ලාම් ජාතිකයෙක් විදිහට අන්තිම මොහොතේ කලීමාව නිවැරදිව කියන්න පුලුවන් වෙන්න කියලා පතන්න.ඒක ඔබේ හිතට දෙන්න පුලුවන් උපරිම ශාන්තිය ලඟා කර දේවි.ඔබ මස් ජාති වලට බැන බැන මාලු ගිලිනවානං හිතන්න මාලුත් ජීවියෝ නෙවෙයිද කියලා.පවු පිං ආගම් අනුව බලපාන්නේ නෑ.ඔබ කරපු අනියම් දේකින් තවකෙක් පීඩා විඳිනවනම් ඔබ පවක් කරලා.ඔබ හිතට එකඟව සතුටෙන් කරපු දේකින් තවකෙක් සතුටු වෙනවානං ඒක පිනක්.

බලාපොරොත්තු පරාජය



මගේ ජීවිතේ හරියට පුස් කේක් ගෙඩියක් වගේ..මෙලෝ රහක් නෑ. එත් මම හැමෝටම නොපෙනෙන්න ලස්සන අයිසින් ටිකක් දාගෙන ඉන්නවා.. හැමෝම හිතනව මන් රසවත් කියල.ඒත් මාත් එක්ක ඉන්න මගෙ ජීවිතේ ළං උන අය දන්නවා මගේ ජීවිතේත් අර පුස් කේක් ගෙඩිය වගේම කොච්චර අමිහිරිද කියලා.  මගේ ජීවිත කතාව කෙනෙකුට රසාස්වාදයක් වෙන්නෙ නෑ. ඒත් මම එය රසාස්වාදයක් බවට පත් කරනවා..  ආදරය.. කාටත් වැරදුන තැනක්.. මට හම්බානෙක වැරදුන තැනක්.. අදටත් මම දිනුවා කියල හිතනවනන් කෝ මගෙ සතුටක්.. හරි හැටි හිනාවක්.. මේ වෙස් මූණට යටින් කවදාවත් එඹිකම් කරල තියෙනවද.? 
හැමකෙනාටම කතාවක් තියෙනවා.. නැති අයත් බයවෙන්නත් දුක් වෙන්නත් එපා.. ඒත්  දැන්ම ජීවිතේ ගැන මීට වඩා බැරෑරුම් වෙන්න.. මට මගේ ජීව්තේ බැරෑරුම් උනේ මගෙ අම්ම රෝගාතුර වුන නිසා.. මගෙ ජීව්තේ අපායක් මන් විඳවල තියෙනවා.. අම්ම නිසා මන් ඒක වින්ඳා.. කඳුලු හංගන්..  කතාව අපි පැත්තකින් තියමු. මන් මෙතනට එන්නන්.. අයෙත් ආදරේ.. හරිම සුන්දර කාලයක්.. ඉස්කෝලේ.. දිග කලිසමත් ගහුවම මම අයියෙක්.. පර්ස් එකේ සල්ලිත් තියෙනවා. ඒත් ස්ටෑන්ඩ් එකේ.. පොඩි උන්ට එන්න කියල බයිට් කරල රුපියල් 5ක් 10ක් ඉල්ලගත්ත හැටි මතක් වෙනකොටත් හිනා වෙන්න පුලුවන් අතීතයක් තිබ්බ..

මේ කාලෙම හුට පට ගොඩක් ඇදුනා.. ඇස් හරවන හැමපැත්තෙන්ම තෝරාගැනීමක් කරන්න උනා.. මන් තෝරගත්ත, මටත් හොරා.. ඒක මට අවුරුදු 8ක් වෙලත් තාම දැනෙනවා.  කතාව සරලයි.  හැමදාමත් වගේ ගැහැණු යාලුවෙක්,එයාගෙ යාළුවාට මන් ආදරේ කරා,ඒත් එයා පෞද්ගලික කැම්පස් අයියා කෙනෙක්ගේ හදවතේ හිටියා. ගොඩාක් කල් ගෙවුනා.. ගොඩාක් දෙවල් සිද්ද උනා.. අම්මගෙ තත්වෙත් එන්න එන්නම උත්සන්න උනා.. කුමාරිකාවක් වගෙ තියපු මගෙ අම්ම ලග මන් හිනාවෙලා හිටියා. ඉගෙනගත්තා. හිනැස්සුවා මිනිස්සු. ඒත් මගේ හිනාවට.? එතනයි මන් වැටුනේ. මගේ ජීවිතේ.. තේරුමක් දෙන්න.

දෙවියන්ගෙන් ඉල්ලපු වාර අනන්තයි. කාලෙත් ගෙව්නා. කෙටි කාලීන සම්බන්ධකම් තිබුනා. ඒත් ඒවා වයසත් එක්ක මෝරපු සොඳුරු මතකයක් වෙන්න උනා.. අදටත් එහෙම අය මාත් එක්ක හිනාවෙලා කතා කරල යනවා.. හැමෝම මෙහෙම තත්වෙන් තරහ උනත් මට හැකියාවක් තිබුනා.. එත් මට කරපු අනුකම්පාවක්ද.? එතනත් ප්රශ්නයක්. මගේ ජීව්ත කතාව පිටින් බැලුවම ඉසුරු මේ වගේම සුන්දරනන් මන් මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙනා වෙන්න ඇති. එත් යාළුවේ මගෙ ජීව්ත කතාව අකුරුවලට හරවන්න බැරි තරම්... රහස් , දුක, සතුට, බලාපොරොත්තු පොදි බැදන් ඉන්න නඩත්තු මට්ටමේ හදවතක් ගැන කොහොම තේරුම් කරන්නද.?

මගේ තාත්තා.. හැමෝම කියනවා මන් වගේලු.. එත් මම මගේ තාත්ත වගේ උනාට ඔහු කරපු වැඩ වලින් අංශුමාත්රයක් වත් කරල නැතුව ඇති.මගේ තාත්ත දුක් විඳපු කෙනෙක්...අම්මා ඔහුගේ පලමු සහ අන්තිම ආදරය.. ඇය වෙනුවෙන් සටන් කරන විදිහ..මට ආඩම්බරෙන් බලන් ඉන්න පුලුවන් උනා. එත් මගෙ තාත්තට මොනව හරි උනොත්.. මෙන්න මෙතනයි මගේ ජීවිතේ වෙනස් උන තැන.ඔහු දන්නවා මගේ ජීවිතය ගැන මගෙ නිහඬ බවින්, වචන වලින්.. එත් මම කොච්චර මගෙ තත්තට මගෙ දේවල් හංගල ඇත්ද...  මමත් තත්තත් එක්ක යුද්දෙකට සහභාගී උනා. මමත් බැංකු මහත්තයෙක්.. අදටත් මගෙ අම්මගේ බෙහෙත් වල මගෙ දාඩිය මහන්සිය තියෙනවා. එහෙම දේවල් කරත් මම මගේ වයසේ අයටත් වඩා ඉදිරියෙන් හැමදේම දැනගෙන හිටියා..  .


කතා නායකයා, ඉසුරු මාව දැකපු විදිහට මන් ගැන හිතුවා, වචන වලට පෙරළුවා.. එත් කතා නායිකාව... ප්රශ්නයක්.. ඇය වෙන කෙනෙකු සමඟ විවාහ ගිවිසගත් කෙනෙක්. ආදරේ අහන්න තරන් මම පොහොසත් කෙනෙක් නොවෙයි. ඒත් අහිංසකාවි මට ආදරේ කරා.. ඒත් කාලේ හැමදේම වෙනස් කරා.. අදටත් එය මාත් එක්ක ඉන්නවා.. ඒත් කියවන පාඨකය මතක තබාගන්න.මගේ ප්රථම ආදරය ඉදිරියෙන් එහේ මෙහේ ගියත්..  මගේ ආදරය තාමත් නිහඬයි. පරාදයි. මෙතන මගේ ජීවිතයේ එක පැතිකඩක් සුළුවට විවරනය කරත්. කෙනෙකුගේ ජීව්ත කතාව අයිතිකරුටත් පැටලැවිල්ලකි.. ඔඹට සුභ.!