Friday, September 28, 2012

හදවතක් විකිණීමට

කිසිදු අයුරකින් අවහිරතා රහිත
මූලික තත්වයෙන්ම පවතින
මනා ක්‍රියාකාරීත්වයෙන් යුතු
හදවත විකිණීමට

සියලු පැරණි දෝෂ සමනය කර ඇත
වේදනා සංවේදී උපාංග ගැල්වූ
ඉතා හොදින් පාලනය කල හැකි
උසස් ගනයේ හදවත විකිණීමට

හුවමාරු සලකා බලන අතර
වේදනා නාශක උපාංග පවතින නිසාත්
ඉතා ඉහළ මිළක් අපේක්ෂා කරමි

 
විශේෂ දීමනා කවරේදයත්


පණැති පංචස්කන්දයක් නොමිලේ
බලාගත් වනම බලා සිටින බවට
වගකීමක් සහිතයි

බලාපොරොත්තු වලින් පමණක් බල ගැන්වේ
self start නොමැත
වැඩිම ලංසුවට හදවත පැවරේ.

No comments:

Post a Comment